දකුණේ කොවිඩ් ආසාදිත රෝගින් ගණන 2150 දක්වා ඉහළට
දකුණු පළාතෙන් ඊයේ (22) දින නව කොවිඩ් ආසාදිත රෝගින් 83 දෙනෙකු වාර්තා විමත් සමග කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 2150 දක්වා ඉහලගොස් ඇති බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
ඊයේ දිනය තුල ගාල්ල දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් ආසාදිත රෝගින් 17 දෙනෙකු වාර්තා වි ඇති අතර ඒ සමග ගාල්ල දිස්ත්‍රික්කයේ ආසාදිත රෝගින් සංඛ්‍යාව 1159 දක්වා ඉහල ගොස් ඇත.
මාතර දිස්ත්‍රික්කයෙන් ඊයේ (22) දින කොවිඩ් ආසාදිත රෝගින් 58 දෙනෙකු වාර්තා වි ඇති අතර ඒ සමග මාතර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 765 දක්වා ඉහල ගොස් ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දින නව කොවිඩ් ආසාදිත රෝගින් 08 දෛනකු වාර්තා විමත් සමග හම්බන්තොට දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛාව 226 දක්වා ඉහලගොස් ඇත.
දකුණු පළාතෙන් වාර්තා වි ඇති කොවිඩ් ආසාදිත රෝගින්2150 දෙනාගෙන් 1158 දෙනෙකු සුවය ලබා ඇත. දකුණු පළාත තුල 2426කට අයත් පුද්ගලයින් 6309 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර පුද්ගලයින් 79 331 දෙනෙකු පි.සි. ආර් පරික්ෂණවලට ලක්කොට ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

