දකුණු සහ අග්නිදිග ආසියාවේ ගෑස් ඉල්ලුම ඉහළ යාම මත වසර 2050 වන විට ගෝලීය ස්වාභාවික ගෑස් ඉල්ලුම 65% කින් ඉහළ යනු ඇති බව ෂෙල් සමාගම පවසයි. කෙසේ වෙතත් මෙම වසරේ වර්ධනය හෝර්මුස් සමුද්‍ර සන්ධිය අර්බුදය හේතුවෙන් ඇණහිට ඇති බවද ලොව විශාලතම LNG වෙළෙන්දා වන ෂෙල් සමාගම පවසයි.
පසුගිය වසරේ, ගෝලීය වශයෙන් LNG ටොන් මිලියන 422 ක් වෙළඳාම් කරන ලදී. මෙම වසර මුලදී ෂෙල් ඇතුළු ගෑස් සමාගම්වල අපේක්ෂාවන් වූයේ වෙළඳාම 2026 දී ඉහළ යනු ඇති බවයි. කෙසේ වෙතත් මේ වසරේදී ඇතිවූ හෝමූස් සමුද්‍ර සන්ධියේ ගැටලුව හේතුවෙන් එය ගැටුළුකාරි තත්ත්වයකට පත්විය.
2050 වන විට ගෝලීය LNG ඉල්ලුම වාර්ෂිකව ටොන් මිලියන 700 කට ආසන්න ප්‍රමාණයකින් වැඩි වන බව ෂෙල් අපේක්ෂා කරයි, එය 2025 දී පැවති ටොන් මිලියන 422 ක මට්ටමට වඩා 65% කින් පමණ වැඩි වේ.