දකුණු පළාතේ කොවිඩ් ආසාදිත ගණන 2648 දක්වා ඉහළට
දකුණු පළාතෙන් ඊයේ (30) දින කොවිඩි ආසාදිත රෝගින් 79 දෙනෙකු හමුවිමත් සමග දකුණු පළාතෙන් වාර්තාවන කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 2648 දක්වා ඉහලගොස් ඇති බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
ඊයේ (30) දින ගාල්ල දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් ආසාදිත රෝගින් 49 දෙනෙකු වාර්තාවිමත් සමග ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 1413 දක්වා ඉහලගොස් ඇත. ඊයේ දින ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මිමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් 01 රෝගියකු, බද්දේගමින් රෝගින් 07 දෙනෙකු, බෝපේ පොද්දලින් රෝගින් 03 නෙකු, ඇල්පිටියෙන් රෝගින් 02නෙකු, හබරාදුවෙන් රෝගින් 09 දෙනෙකු, හික්කඩුවෙන් රෝගින් 05 දෙනෙකු, කරන්දෙණියෙන් 01 රෝගියකු, නෙළුවෙන් රෝගින් 17 දෙනෙකු, තවලමින් 01 රෝගියකු හා යක්කලමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් රෝගින් 03 නෙකු වාර්තා වි ඇත.
මාතර දිස්ත්‍රික්කයෙන් ඊයේ (30) දින කොවිඩ් ආසාදිත නව රෝගින් 23 දෙනෙකු වාර්තා වි ඇත. අතුරලියෙන් රෝගින් 12 නෙකු, මාලිම්බඩින් රෝගින් 07 දෙනෙකු, මොරවකින් රෝගින් 04 දෙනෙකු වර්තා වි ඇත. ඒ අනුව මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වි ඇති මුළු රෝගින්ගේ සංඛ්‍යාව 950කි. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඊයේ දින නව ආසාදිත රෝගින්07 දෙනෙකු වාර්තා වි ඇති අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වි ඇති රෝගින්ගේ සංඛ්‍යාව 285 දක්වා ඉහලගොස් ඇත.
දකුණු පළාතේ කොවිඩ් ආසාදිත රෝගින්ගෙන් 1407 දෙනෙකු සුවය ලබා නිවෙස්වලට ගොස් ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ සුවය ලබා ඇති කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 778 දෙනෙකි. මාතර දිස්ත්‍රික්කයේ 485 දෙනෙකි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ 144 දෙනෙකි.
මේ වනවිට දකුණු පළාතේ පවුල් 2955කට අයත් පුද්ගලයින් 7388 දෙනෙකු නිවෙස්වල නිරෝධානය වෙමින් සිටිති. ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 1458කට අයත් පුද්ගලයින් 2115 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර මාතර දිස්ත්‍රික්කයේ පවුල් 983කට අයත් පුද්ගලයින්3464 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිති. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 514කට අයත් පුද්ගලයින් 809 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිති.
දකුණු පළාතේ පි.සි.ආර්. පරික්ෂණවලට ලක්කොට ඇති පුද්ගලයින් සංඛ්‍යාව 88331කි. ගාල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින්40165 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 27589 දෙනෙකු, හම්බන්තොට දිස්ත්‍රික්කයේ 20 577 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණවලට ලක්කොට ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

