දකුණු පළාත් 9 ශ්‍රේණියේ භූගෝල හා පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්ණ පත්‍ර නියමිත වේලාවට ලැබී නෑ
දකුණු පළාතේ නමය ශ්‍රේණියේ දෙවන වාර පරික්ෂණයේ භුගෝල විද්‍යාව සහ පුරවැසි අධ්‍යාපනය විෂයන්ට අදාළ ප්‍රශ්නපත්‍ර මුද්‍රණාලයෙන් නියමිත වෙලාවට නොලැබිම නිසා අද (22) දින පැවැත්විමට නියමිතව තිබු එම විෂයයන් දෙකේ පරික්ෂණ 24 වැනිදින සිකුරාදා දින පැවැත්විමට සැලසුම්කොට ඇති බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිෂාන්.කේ.ආර් පතිරණ මහතා පවසයි.
නමය ශ්‍රේණියේ දෙවන වාර පරික්ෂණයේ භුගෝල විද්‍යාව සහ පුරවැසි අධ්‍යාපනය විෂයන්ට අදාළ පරික්ෂණ අද දින පැවැත්විමට නියමිතව තිබුණි. අද පස්වරුව වනතෙක් මෙම විෂයයන්ට අදාළ ප්‍රශ්නපත්‍ර මුද්‍රණාලයෙන් ලැබෙන තෙක් බලාසිටි බවත් මුද්‍රණාලයේ ප්‍රශ්නයක් නිසා මෙකි විෂයයන් දෙකට අදාළ පරික්ෂණ 24 වැනිදින දක්වා කල්දැමිමට සිදුවු බව ද අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සදහන් කළේය.
කෙසේවුවද මේ පිළිබද දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක චන්න විරසේකර මහතාගෙන් අප කළවිමසුමකදි ඔහු සදහන් කළේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අභ්‍යයන්තර පරිපාලන තිරණයක් සහ විභාග කාල සටහනේ සශෝධනයක් නිසා මෙකි විෂයයන් දෙකට අදාළ පරික්ෂණ කල්දැමිමට සිදුවු බවත් ඒ පිළිබද අවශ්‍ය උපදෙස් කලාප අධ්‍යක්ෂකවරුන් වෙත ලබා දි ඇති බවය.
හිටිහැටියේම විභාග කාලසටහන සංශෝධනය කිරිම නිසා මෙම විෂයයන් දෙක සදහා පෙනි සිටිමට සුදානමින් සිටි 09 ශ්‍රේණියේ පාසල් දරු දැරියන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණදුන්හ. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නොසැලකිල්ල නිසා මෙම තත්ත්වය උදාවි ඇති බවත් මෙවර වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර බෙදිම පවා අක්‍රමවත් හා අවුල්සහගත අයුරින් පැවති බවට ගුරු සංගම් චෝදනා කරති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
