ඉන්දියාවේ බැංගලෝර් නුවර ඉකුත් 10 දින පැවැත් වූ දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේ දී ( South Asian Travel Award - 2023 ) ශ්රී ලන්කන් ගුවන් සේවය දකුණු ආසියානු කලාපයේ ප්රමුඛතම ගුවන් සේවය ලෙස ඇගැයීමට ලක් වී තිබේ.
මෙම දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙල, කලාපයේ මෙම ක්ෂේත්රයේ ගෞරවනීයම සම්මාන උළෙල වේ . පසුගිය 2022 වසරේ දී පැවති මෙම සම්මාන උළෙලේ දී අමුත්තන්ගේ තේරීම කාණ්ඩය යටතේ " වසරේ විශිෂ්ටතම ගුවන් සේවය " ලෙස ශ්රී ලන්කන් ගුවන් සේවය තේරී පත් වී තිබුණි .