දකුණට කුඩු බෙදූ කුඩු මුවා හා ඕලු මුවා අල්ලයි
දකුණු පළාත තුළ මහා පරිමාණයෙන් මත් කුඩු ජාවාරමේ නිරත වු බව කියන “කූඩුමුවා” හා “ඕලුමුවා” යන අන්වර්ථ නාමයෙන් හදුන්වන පිය-පුතු දෙදෙනෙකු හෙරෝයින් මත්කුඩු සමග තංගල්ල කුඩාවැල්ලේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාෂ දූෂණ මර්ධන ඒකකය පවසයි.
ඒ පිළිබඳව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාට ලද තොරතුරකට අනුව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති අශෝක ප්‍රියංකර මහතා ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකළේය.
“කුඩුමුවා” යන අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයා සන්තකයේ හෙරෝයින් මත්කුඩු මිලි ග්‍රෑම් 1300 ක්ද ඔහු පොලිස් උපායදූතයාට මත් කුඩු මිලි ග්‍රෑම් 200 ක් විකිනීමට තැත් කල බවද පොලීසිය කියයි.
එම සැකකරුගේ පුතා වන “ඕලු මුවා” යන අන්වර්ථ නමින් හදුන්වන 24 හැවිරිදි තරුණයා සන්තකයේ තිබී හෙරෝයින් මත් කුඩු මිලි ග්‍රෑම් 5800 ක් ද පොලීසිය සොයාගෙන ඇත.
ඔවුන් මහා පරිමාණයෙන් තංගල්ල ,කුඩාවැල්ල, නිල්වැල්ල, දික්වැල්ල, දෙවිනුවර ආදී ප්‍රදේශවලට මත් කුඩු විකුණා තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණයවී තිබේ.
සැකකරුවන් දෙදෙනා තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

