දික්ඔය මුලික රෝහලේ අලුතින් ඉදි කරන ලද අංග සම්පුර්ණ කොවිඩ් 19 ප්‍රතිකාර වාට්ටු සංකිර්ණය (05) දින එම රෝහලේ පරිපාලන අධිකාරිය වෙත භාරදෙනු ලැබුහ.
වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ සහ කොළඹ ඒ.වි.එස් පෞද්ගලික සංගමයේ (ආරුනාට්ටු වේලාලර් සංගම්) ප්‍රතිපාදන යටතේ රු මිලියන 8 පමණ වියදමකින් මෙම කොවිඩ් 19 ප්‍රතිකාර වාට්ටු සංකිර්ණය ඉදි කර ඇත.
ඇදන් 28 , අංග සම්පුර්ණ වැසිකිලි පද්ධතියක් , වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට විවේකාගාර ,රෝගින්ට ආහාර ලබාගැනිමට ස්ථානයක් ඇතුළු වාට්ටු සංකිර්ණයට අවශ්‍ය සියළුම පහසුකම් වලින් මෙම වාට්ටු සංකිර්ණය සමන්විතය.
දික්ඔය මුලික රෝහලේ කොවිඩ් 19 රෝගින් සදහා පවතින ප්‍රතිකාර වාට්ටු සංකිර්ණයේ ඉඩ ප්‍රමාණවත් නොවිම නිසා රෝහල් පරිපාලනයේ ඉල්ලිමක් මත වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා සහ ඒ.වි.එස් පෞද්ගලික සංගමය එක්ව මෙම කොවිඩ් 19 ප්‍රතිකාර වාට්ටු සංකිර්ණය එම රෝහල් පරිශ්‍රයේම ඉදි කරනු ලැබුහ.
කොවිඩ් 19 නව වාට්ටු සංකිර්ණය භාර දිමේ අවස්තාවට ඒ.වි.එස් සංගමයේ නිලධාරින් සහ දික්ඔය මුලික රෝහලේ පාලන අධිකාරියේ නිලධාරින් සහ වෛද්‍යවරුන් කිහිප දෙනෙකු නිරෝධායන උපදෙස් වලට අනුකුලව සහභාගි විය.