දකුණු පළාතෙන් (14) දිනය තුළ අළුතින් වාර්තා වූ රෝගින් 61 දෙනකු සමග දකුණු පළාතෙන් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3564ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පළාත් කොරෝනා මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 1828ක්, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 1332ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 404ක් වශයෙන් එම පිරිස වාර්තා වී ඇත.
අලුතින් වාර්තා වූ රෝගීන් 94 දෙනාගෙන් 30 දෙනකු ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද 31දෙනකු මාතර දිස්ත්‍රික්කයෙන් ද හමුවී තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අලුතින් රෝගීන් වාර්තා වී නොමැත.
ගාල්ල දිස්ත්‍රික්කයේ අලුතින් වාර්තා වී ඇති ආසාදිතයින්ගෙන් 08දෙනකු ඉමදුව බල ප්‍රදේශයෙන් ද 05 දෙනකු ඇල්පිටිය කොට්ඨාසයෙන් ද වාර්තා වන අතර නාගොඩ හා තවලම කොට්ටාස වලින් ආසාදිතයින් 04 දෙනා බැගින් වාර්තා වෙයි. අක්මීමණ, අම්බලන්ගොඩ හා හබරාදුව බල ප්‍රදේශ වලින් ආසාදිතයන් දෙදෙනා බැගින් ද බලපිටිය, බෝපෙ පෝද්දල හා ගෝනපිනුවල බල ප්‍රදේශ වලින් එක් ආසාදිතයා බැගින් ද වාර්තා වන බව තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසයි.
මාතර දිස්ක්‍රික්කයේ අලුතින් වාර්තා වී ඇති ආසාදිතයන්ගෙන් 08දෙනකු වැලිගම බල ප්‍රදේශයෙන් ද මොරවකින් ආසාදිතයන් 07 දෙනකු ද හක්මණ හා වැලිපිටිය බල ප්‍රදේශ වලින් ආසාදිතයන් 04දෙනා බැගින් ද පස්ගොඩ හා මාලිම්බඩින් ආසාදිතයන් දෙදෙනා බැගින් ද කිරින්ද පුහුල්වැල්ල, කඹුරුපිටිය, දෙවිනුවර හා අකුරැස්ස බල ප්‍රදේශ වලින් එක් ආසාදිතයා බැගින් ද වාර්තා වී තිබේ.
තොරතුරු මධ්‍යස්ථානය පවසන්නේ මේ වනවිට දකුණු පළාතේ ආසාදිතයින්ගෙන් 2331 දෙනකු සුවය ලබා ඇති බවයි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ රෝහල්ගත කර සිටි 1251 දෙනකු සුවය ලබා ආපසු නිවෙස්වලට පැමිණ ඇත. මාතර දිස්ත්‍රික්කයේ සුවය ලැබූ පිරිස 834ක් වන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ එම සංඛ්‍යාව 246 දෙනෙකි.
මේ වනවිට කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා දකුණු පළාතේ පීසීආර් පරීක්ෂණ 105,494ක් සිදුකර ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුකර තිබෙන පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 50,972කි. මාතර දිස්ත්‍රික්කයේ 31,415ක් ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පීසීආර් පරීක්ෂණ 23,107ක් සිදුකර තිබේ.
දකුණු පළාතේ පවුල් 2292ක පුද්ගලයෝ 5450 දෙනකු මේ වනවිට නිරෝධායනයට ලක්කර ඇතැයි කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 1349ක පුද්ගලයින් 2988 දෙනකු ද මාතර දිස්ත්‍රික්කයේ පවුල් 534ක පුද්ගලයින් 1815 දෙනකු ද හම්බන්තොට ඉදිස්ත්රික්කයේ පවුල් 409ක පුද්ගලයින් 647 දෙනකු ද නිරෝධායනයට ලක්කර ඇත.
ගාල්ල සිරංගිකා ලොකුකරවිට