රත්ගම බූස්ස ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙක් පහරගෙන යෑමේ සිදුවීමට අදාළව දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් 15 දෙනෙකුට වහා ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
ඔවුන්ට මාතර දිස්ත්‍රික්කයෙන් පිටත පොලිස් ස්ථාන වෙත මාරුවීම් ලබාදීමට පොලිස්පති පූජිත් ජයසුන්දර කටයුතු කර ඇත. මෙම පැහැර ගැනීම වූ දින එම ඒකකයේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් 15 දෙනාම එසේ මාරුකර යැවීමට පියවර ගෙන ඇත.