රත්ගම, බූස්ස ප්රදේශයේව්යාපාරිකයන්දෙදෙනෙකු පැහැරගෙන ගොස්, ඝාතනය කර, මළසිරුරුපුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන්පරීක්ෂණපැවැත්වෙන අතරතුර දකුණු පළාත් ජ්යෙෂ්ඨනියෝජ්යපොලිස්පතිවිශේෂ විමර්ශනඒකකයේ සේවයේ නිරත පොලිස්කොස්තාපල්වරුන් සිවුදෙනෙකුඅතුරුදන්ව ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අදාළ නිලධාරීන් සිවුදෙනා මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධවී ඇත්දැයි පරීක්ෂණ පැවැත්වෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
විශේෂ විමර්ශන ඒකකයේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරුන් පස්දෙනෙකු පසුගියදා (22දා) උදෑසන රාජකාරි ස්ථානයට නොදන්වා අනවසරයෙන් පිටව ගොස් තිබූ අතර, පසුව එක් කොස්තාපල්වරයෙකු පමණක් නැවත සේවයට වාර්තා කර තිබිණි.
තමන්ට ඇතිවූ මානසික පීඩනය හේතුවෙන් නිවසට ගොස් නැවත පැමිණි බවට අදාළ කොස්තාපල්වරයා ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබේ.
අදාළ පොලිස් කොස්තාපල්වරුන් පස්දෙනා ඇතුළුව එම ඒකකයේ 15 දෙනෙකු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් දකුණු පළාතෙත් පිටතට පොලිස් ස්ථානවෙත වහා ක්‍රියාත්මකවන පරිදි මාරු කර යවා තිබෙන අතර, ඊට අදාළ පණිවුඩය ලබාදීමට ඔවුන් සොයන අවස්ථාවේදී ඔවුන් රාජකාරි ස්ථානයට නොදන්වා අනවසරයෙන් පිටව ගොස් ඇති බවට හෙළිව ඇත.
ඒඅනුව ඔවුන් නොදන්වා රාජකාරි ස්ථානයෙන් බැහැරව ගොස් ඇති බවට පොලිස් පණිවුඩ මගින් දැනුම්දී තිබිණි.
අදාළ නිලධාරීන් සිවු දෙනාපොලිස් සේවය හැර ගියාසේ සලකා ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇතැයි මාතර ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
රත්ගම, බූස්ස, රත්නඋදාගම ප්‍රදේශයේ පදිංචි අදාළ ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැර ගැනීම සඳහා පොලිස් නිල ඇඳුමින් සැරසුණු 13 දෙනෙකු පසුගිය මස 23 වැනිදා නීතිවිරෝධී ලෙස පැමිණි ඇතැයි රහස් පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී තිබේ.
සැකකරුවන් අතරින් පොලිස්නිලධාරීන් හත්දෙනෙකු මෙම අපරාධයට ඍජු ලෙස සම්බන්ධවී තිබෙන බවද පරීක්ෂණවලදී හෙළිවඇත.
සැකකාර සෙසු පොලිස් නිලධාරීන් පිරිස කවුරුන්දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්මේ වන විට අනාවරණය කරගෙන තිබුණද, ඔවුන් කවුරුන්දැයි හෙළිකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතු කර නොතිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මාතර සෙව්වන්ද පත්තුවේආරච්චි