දකුණු අප්‍රිකානු කොවිඩ්වෛරසය නව ප්‍රභේදය ලංකාවට ඇතුළු විමේ සම්භාවිතාවක් ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ අද පැවති ප්රවෘත්ති සාකච්ජාවකදි මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
නව ප්‍රභේදය රටට පැමිණිම කල් ඇතුව දැන ගැනිමට ක්‍රමවේදයක් නැති බව ඔහු පැවසීය.
“අහඹු ලෙස අපි ලබා ගන්නා සම්පලයකට මේ ප්‍රභේද අහුවුණොත් පමණයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ මේ ප්‍රභේදය ලංකාවට ඇවිල්ලා කියලා. ඒක කල් ඇතුව දැනගෙන අපිට නවත්වන්න පුළුවන් ක්‍රමවේදයක් ලෝකේ කොහේවත් නෑ. ඒ නිසා තමයි ලෝකේ දියුණු රටවල්වලට පවා මේ ප්‍රභේද ආක්‍රමණයෙන් ගැලවෙන්න බැරි වෙලා තියෙන්නේ’ යනුවෙන් ඔහු පැවසීය.