දක්ෂිණ අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි ආරක්ෂක කැමරා (සී.සී.ටී.වී.) පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධ්යක්ෂ සමන් ඕපනායක මහතා පැවසීය.
මේ අනුව කඩවත සිට මාතර දක්වාත්, මාතර සිට හම්බන්තොට දිගුව ව්‍යාපෘතිය දක්වාත් අධිවේගී මාර්ගයේ අලුතෙන් ආරක්ෂක කැමරා පද්ධතිය ස්ථාපිත කෙරෙනු ඇත.
දැනට දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු පොලිස් ස්ථානවල පමණක් ආරක්ෂක කැමරා ක්‍රියාත්මක වේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වන අනතුරු සහ අධිවේගී මාර්ගයේ දේපොළවලට හානි සිදුකර පලායන වාහන පිළිබඳ තොරතුරු ලබා ගැනීමට නව කැමරා පද්ධතිය විශාල පහසුවක් වන බවද සමන් ඕපනායක මහතා පැවසීය.
දැනට කොළඹ - කඩවත අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි ආරක්ෂක කැමරා පද්ධති සවිකර ඇති අතර, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආරක්ෂක කැමරා පද්ධති මේ වසර අවසන් වීමට පෙර සවි කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇත.
ගාල්ල රවිඳු දියගහගේ