දකුණු අප්‍රිකාවෙන් හඳුනාගැනුණු නව කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවට ද ඇතුළු වීමේ දැඩි අවදානමක් ඇති බව, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අද දින පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර සිටියේය.
කොවිඩ් ව්‍යාප්තිය හා මරණ සම්බන්ධ ව ලැබෙන දත්තවල ගැටලු පිළිබඳ ව සෞඛ්‍ය අංශ දැඩි අවධානයෙන් පසුවන බව හා යම් ලෙසකින් දත්තවල ප්‍රමාදයක් හෝ වැරදීමක් සිදු වුවහොත් කඩිනමින් ඒවා නිවැරදි කිරීමට පියවර ගන්නා බවත් මරණ සංඛ්‍යාව අඩු කරගැනීම සඳහා එන්නත ලබා නො ගත් සුළු පිරිස හා නිධන්ගත රෝග ඇති සියලු දෙනා කඩිනමින් එන්නත්කරණයට යොමු විය යුතු බවට යි ජනරාල්වරයා සඳහන් කර සිටියේය.