බලපත්රයක් නොමැතිව පරිසර විනාශයක් කරමින් තේ වත්තේ අනවසරයෙන් මැණික් ගැරු පුද්ගලයන් 06 දෙනෙකු ඊයේ (04දා) රාත්රියේ අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.
බගවන්තලාව කොටියාගල වතුයායේ ඉහල කොටසේ තෙත්බිම් කලාපයක පිරිසක් අනවසරයෙන් මැණික් ගරමින් සිටින බවට ලද තොරතුරක් මත වැටලිමක් සිදු කර අනවසරෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයන් 06 දෙනෙකු සහ මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක් පොලිස් භාරයට ගත් බවයි ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් එම වතුයායේම පදිංචිකරුවන් බවත්, සැකකරුවන් ඇප මත මුදා හැරි බවත්, සැකකරුවන්ට එරෙහිව හැටන් මහෙස්ත්රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට පියවර ගෙන ඇත.