ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාවේ සමස්ත ආදායම 2024 වර්ෂයට සාපේක්ෂව ඉකුත් වර්ෂයේ (2025) රුපියල් බිලියන 848.4 දක්වා සියයට 8.7කින් අඩුවුවද සංස්ථාව විසින් 2025 වර්ෂය තුල රුපියල් බිලියන 36.5ක ලාභයක් වාර්තාකොට ඇති බැව් මුදල් අමාත්‍යංශය මගින් නිකුත්කොට ඇති අවසාන අයවැය තත්ත්වය පිළිබද වාර්තාවේ සදහන් වේ.
ඛනිජතෙල් නිතිගත සංස්ථාව විසින් 2024 වර්ෂයේ දි රුපියල් බිලියන 34.2ක ලාභයක් වාර්තාකොට තිබුණි. 2025 වර්ෂය තුල ඛනිජතෙල් නිතිගත සංස්ථාවේ ලාභය සියයට 6.6කින් වැඩිවි ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ.
සංස්ථාවේ මෙම ලාභය වැඩිවිම සදහා ප්‍රධාන වශයෙන් හේතුවි ඇත්තේ විකුණුම් පිරිවය සියයට 9.6කින් පහත වැටිම සහ විකුණුම් හා බේදාහැරිමේ වියදම්, පරිපාලන හා මුල්‍ය වියදම් සියයට11, සියයට 29 හා සියයට 98කින් පහත වැටිම බවද මෙම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.