අම්බලන්තොට නගරයේ සහ ඒ අවට තෙල් පෝලිම් වල සිටින තරුණ පිරිස් වලට බෙදා හැරීමට ගෙන්වන ලද මත් කුඩු ග්‍රෑම්ස් 15 යි මිලි ග්‍රෑම්ස් 300ක් සමඟ කාන්තාවක් සහ තරුණයින් දෙදෙනෙක් ඊයේ (05දා) සවස අත් අඩංගුවට බව අම්බලන්තොට පොලිසිය පවසයි.
දැනට මත්ද්‍රව්‍ය වැරදි සම්බන්දයෙන් බන්ධනාගාර ගත වී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු විසින් මෙහෙයවන ලද මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට ඔහුගේ අනියම් බිරිඳ යොදාගෙන මෙම ජාවාරම මෙහෙයවන බවට තොරතුරු ලැබී ඇති බව පරීක්ෂන වලින් හෙලී වී ඇතැයි අම්බලන්තොට පොලිස් ස්ථානාධිපති මූලස්ථාන පොලිස් පරීක්ෂක ජගත් විජේගුණරත්න මහතා කියා සිටියේය.
අම්බලන්තොට නෝනගම ඇඹිලිපිටිය මාර්ගයේ නුගසෙවන ප්‍රදේශයේ විදුලි කනුවක් අසල සඟවා තිබූ මත් කුඩු සහිත බෑගය එම ස්ථානයෙන් රැගෙන ගොස් ඇති බවට අම්බලන්තොට පොලීසියට ලද තොරතුරක් මත සිදු කල පරීක්ෂනවලදී මෙම මත්ද්‍රව්‍ය ජාවාරමුන් කොටු කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
එම මත්ද්‍රව්‍යය තොගය අම්බලන්තොට වරාගොඩැල්ල ප්‍රදේශයේ දැනට බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍යය ජාවාරම් කරුගේ අනියම් බිරිඳගේ නිවසට රැගෙන ගොස් ඒවා සිල්ලරට අලවි කිරීමට ජාවාරම් කරුවන්ට ලබාදෙන බවට තොරතුරුසැලවීමත් සමඟ අදාළ තරුණයින් දෙදෙනෙක් මත් කුඩු සමඟ අත් අඩංගුවට ගත් අතර මෙහෙයවීම සිදුකල කාන්තවද අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
32 හැවිරිදි මෙම කාන්තාව ඇඳ සිටි කලිසමේ සාක්කුවේ තිබී මත් කුඩු ග්‍රෑම්ස් 8 යි මිලි ග්‍රෑම්ස් 50 ක් සොයා ගත් බවත්. බෙදා හැරීමට ජාවාරම් කරුවන් දෙදෙනෙකු අතට ලබාදී තීබූ මත් කුඩු ග්‍රෑම්ස් 5 යි මිලි ග්‍රෑම්ස් 100 ක් සමඟ අම්බලන්තොට වරාගොඩැල්ල පදිංචි 31 හැවිරිදි තරුණයෙක් සහ මත් කුඩු ග්‍රෑම්ස් 2 යි මිලි ග්‍රෑම්ස්150 ක් සමඟ ගමරාලගම පදිංචි 20 හැවිරිදි තරුණයෙක් අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මත් කුඩු සිල්ලරට විකිනීම සඳහා ඉතාම සූක්ෂම ලෙස මැන ගැනීම සඳහා කුඩා විද්‍යුත් තරාදි දෙකක්ද කාන්තාව ලඟ තිබි පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ.
