තෙල් ආවොත් 2දා සිට විදුලි කප්පාදුව පැය 4ට අඩුවෙයි
අප්‍රේල් 02 දා ඩීසල් තොගයක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවත් එය විදුලි බල මණ්ඩලයට ලැබුණ හොත් අප්‍රේල් 02 දායින් පසුව දැනට සිදුකරන පැය 10 ඉක්මවූ විදුලිය කප්පාදුව පැය 4ට අඩුවෙන් පවත්වාගෙන යාමට හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ මහතා පැවැසීය.
ශ්‍රී ලංකාවේ විදුලි අර්බුදය නිමා වීම 2024 දී පමණ සිදුවෙනු ඇතැයි ඔහු පැවැසීය. විදුලි අර්බුදය පිළිබඳව ඔහු අද පැවැති මාධ්‍ය හමුවේදී දීර්ඝව පැහැදිලි කිරීමක් කළේය.
" විදුලි ධාරිතාව මොගාවොට් 3300ක් පමණ වෙනවා. මෙය ජලවිදුලියෙන් මොගාවොට් 1398ක්, විදුලි බල මණ්ඩලයේ තාප බලාගාර මොගාවොට් 630ක්, ගල් අඟුරු 900, පුද්ගලික බලාගාර මෙගාවොට් 500, පුනර්ජනනීය මෙගාවොට් 300 ක් ලෙස මෙම ධාරිතාව සපයා ගන්නවා.
දෛනික විදුලි ඉල්ලුම මෙගාවොට් 2850ක් පමණ වෙනවා. මේ වන විට ජලවිදුලියෙන් නිපදවන්නේ සියයට 25ක් පමණයි.අපිට නොවැම්බර් වෙනකම් ගල් අඟුරු පවතිනවා. තෙල් බලාගාර වලට අවශ්‍ය ඉන්ධන නෑ. 2014න් පසසේ බලාගර ඉදිවෙලා නෑ.
අපිට ධාරිතාවේ මෙගාවොට් 200-300ක පමණ හිඟයක් තියෙනවා. මේ අර්බුදය 2024 දී පමණ විසදේවි. පුනර්ජනනීය බලශක්තියෙන් හා ගෑස් ටර්බයින් තුනක් ක්‍රියත්මක කිරීමට නියමිතව තිබෙනවා. දැන් ජලවිදුලියෙන් ලබා ගත හැක්කේ මෙගාවොට් 300ක් පමණ ප්‍රමාණයක්.
ජලය නැති නිසා රාත්‍රියට අවශ්‍ය මොගාවොට් 800ක් පමණ අහිමි වෙලා තිබෙනවා. ගල් ඇඟුරු බලාගාරය නිසයි අපි රැඳී සිටින්නෙ. 02 දා ඩීසල් තොගයක් එනවා. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මෙයින් ඩීසල් තොගයක් විදුලි බල මණ්ඩලයට දෙනවා කිව්වා.
එවා ලැබුණොත් අපිට පැය 4ට වඩා අඩුවෙන් විදුලිය කප්පාදුව පවත්වාගෙන යන්න පුළුවන් වේවි."
popular news
-
Deepal Nirosh Thursday, 31 March 2022 11:27 AM
අනේ මහත්තයො “තෙල් ආවොත්“ කියල සුන්දර හීන මවන්නෙ නැතුව, 2 වන දාට “තෙල් නාවොත්“ කරන්න මොකද කියල සැළසුම් කරන්න. තමුන් ඔය තනතුරුවලට පත් කරල තිබෙන්නෙ ඒ කාරියට. පළමු කාරියට රටේ ඕන තරම් දේශපාලකයො ඉන්නව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

