තෙදිනක් තුළ සමස්ත විදුලි උත්පාදනයෙන් 80%ක් ජල සහ සුළං බලයෙන් ජාතික විදුලිබල පද්ධතියට සැපයා තිබේ. ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය.
ජලය මත පාවෙන සූර්ය පැනල ව්‍යාපෘති ඉහළ නැංවීමට හා වහලය මත සවිකරන සූර්ය පැනල සඳහා ලබාදෙන ප්රතිලාභ වැඩි කර, පාරිභෝගිකයන් දිරිගැන්වීමට පියවර ගත යුතු බව ජනාධිපතිවරයා ඊයේ (01දා) පැවැති සාකච්ඡාවකදී පැවැසිය.
.