තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් ගමන් ගත් විනෝද චාරිකා පෞද්ගලික බස් රථයක් ඇල්ල වැල්ලවාය ප්රධාන මාර්ගයේ 15 කනුව ප්රදේශයේ දී ඊයේ 4 රාත්රි ප්රපාතයකට පෙරලීයාමෙන් තුවාල ලැබූ තුවාලකරුවන් බේරා ගැනිමට කබවල ආධාරයෙන් ප්රපාතයට බැසීමට ගිය යුධ හමුදා නිළධාරින් දෙදෙනකු ලිස්සා ඇද වැටී තුවාල ලබා බදුල්ල ශික්ශන රෝහලට ඇතුලත් කල බව ඇල්ල පොලිසිය පවසයි .
මින් එක් යුධ හමුදා නිළධාරියකු නිවාඩු ලබා ඇල්ල කරදගොල්ල ප්රදේශයේ නිවසට පැමිණ සිටියදි මෙම අනතුර සැලවී අනතුර සිදු වූ ස්ථානයට පැමින දියතලාව යුධ හමුදා කදවුරේ නිළධාරින් සමග එක්වී තුවාලකරුවන් බේරා ගැනිමට කබවල ආධාරයෙන් ප්රපාතයට බැසීමට යාමේදී මෙසේ මොහු සමග තවත් යුධ හමුදා නිළධාරියකු මෙසේ ඇද වැටී තුවාල ලබා ඇති බවත් පොලිසිය සදහන් කලේය .
ඇල්ල ප්රසාද් රුක්මාල්