තුවාල සහිතව මියගොස් සිටි හොදින් වැඩුණු කඳුකර කොටියෙකුගේ සිරුරක් අද (25දා) සොයාගත් බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජල විදුලි බලාගාරයට පිවිසෙන මාර්ගයේ පුද්ගලික ඉඩමක තේ වත්තේ මිය ගිය කදුකර කොටියෙකුගේ සිරුරක් ඇති බවට එම ප්‍රදේශයේ පදිංචිකරුවන් විසින් දැක ඒ පිලිබදව නල්ලතන්නිය වනජිවි කාර්යාලයට දැනුම් දුන් බවයි ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ.
අවු 08 පමණ වයසැති මිය ගිය කදුකර කොටියා පිරිමි සතෙකු බවත්, මිය ගිය කොටියාගේ සමේ කොටසක් කිසියම් පිරිසක් කපාගෙන ගොස් ඇති බවට සැකකරන බවයි ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේය.
මියගිය කොටියා සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර මිය ගිය කදුකර කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා රණ්දෙණිගල පශ්‍ර වෛද්‍ය රෝහල වෙත යොමු කරන බව වන අඩවි ආරක්ෂක නිලධාරිවරයා පැවසිය.

