බුත්තල,දඹගල්ල සහ තණමල්විල පොලිස් බල ප්රදේශ වල ඊයේ (24දා) සිදුකළ වැටලීම් වලදී මෙරට නිෂ්පාදිත බෙහෙත්කොටන තුවක්කු තුනක් ලඟ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.
බුත්තල මහගොඩයාය ගඟේයාය පාර පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු,දඹගල්ල මීගහපිටිය පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු සහ තණමල්විල කිවුලේආර පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස බෙහෙත්කොටන තුවක්කු සමඟ
අත්අඩංගුවටගෙන ඇත.
සැකකරුවන් සහ නඩුභාණ්ඩ වැල්ලවාය සහ සියඹලාණ්ඩුව මහේස්ත්රාත් අධිකරණ වලට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මොනරාගල සුමනසිරි ගුණතිලක