තුර්කි රටේ නිෂ්පාදිත නවීන පිස්තෝලයක් සමඟ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අම්බලන්තොට පොලිසිය සමත්වී තිබේ.
පසුගිය 17 වනදා සවස අම්බලන්තොට පොලියර්වත්ත ප්රදේශයේදී සැකකටයුතු පුද්ගලයෙකු පරික්ෂා කරන විටදී ඔහු සන්තකයේ තිබී පතොරන් ගැබ රහිත මෙම ගිනි අවිය සොයා ගැනීමට හැකිවී තිබේ.අදාල සැකකරු වැලිගම ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර පසුව ඔහුගෙන් ප්රශ්න කිරීමේදී ඒ සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 04 දෙනෙකු අත්දන්ගුවට ගැනීමට හැකිවූ බවයි පොලිසිය කියා සිටියේ.
අදාල සැකකරුවන් 04 දෙනාගෙන් 2 දෙනෙකු අම්බලන්තොට පහල බැරගම ප්රදේශයේ පදිංචි කරුවන් වන අතර අනෙක් දෙදෙනා තිස්සමහාරාම හා රන්න ප්රදේශයේ පදිංචි කරුවන් බවයි පොලිසිය කියා සිටියේ. මෙසේ අත්දන්ගුවට ගත් සැකකරුවන් 04 දෙනාම හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට කටයුතු කෙරු බවයි පොලිසිය කියා සිටියේ.
