තුන්පනේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක සරමක් හා ටීෂර්ටයක් ඇඳ අපවත්ව සිටියදී සොයා ගැනෙති
තුන්පනේ පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුද්දෙණියේ සීලරතන හිමි එම පන්සලට යන මාර්ගයක වැටී අපවත්ව සිටියදී අද (12දා) අළුයම සොයාගත් බව හතරලියද්ද පොලිසිය කියයි .
හතරලියද්ද පොලිස් වසමේ මුරුද්දෙණිය ග්‍රාම නිලධාරී වසමේ ත්‍රී ටැම්පිට විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ද වන උන්වහන්සේ එම විහාරස්ථානයට එන මාර්ගය වන නාගහමුල කන්ද මාර්ගයේ වැටී අපවත්ව සිටියදී අද (12) අලුයම ගම්වාසීන්ගේ දැනුම් දීම අනුව පොලීසිය විසින් සොයාගෙන තිබේ .
විහාරාධිපති හිමියන් වැටී මියගොස් සිටි අවස්ථාවේදී සරමකින් සහ ටී ෂර්ටයක් හැද කැප් තොප්පියක් පැළඳ සිටි බවට පොලිසිය විසින් නිරීක්ෂණය කොට තිබේ .
මියයන අවස්ථාවේදී විහාරාධිපති හිමියන්ගේ අතේ එළවලු මල්ලක්ද තිබූ බව පවසන පොලිසිය මෙය අපවත් කිරීමක් ද එසේත් නොමැති නම් වෙනත් හේතුවක් මත අපවත්වීමක්ද යන්න සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන සිදු කරන අතර අපවත්වූ විහාරධිපති හිමියන්ගේ දේහය පිළිබඳ මහේස්ත්‍රාත් සිදු කිරීමට නියමිතව තිබේ.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක මහතාගේ උපදෙස් පරිදි හතරලියද්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. පී. එස්. නානායක්කාර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ .
popular news
-
ප්‍රියන්ත Thursday, 13 July 2023 05:28 AM
හාමුදුරුවනේගේ මරණ පරීක්ෂණ සාර්ථක කර ගැනීමට ඔහු සිල්ඩෙනපිල් ඖෂධ ලබා තිබුනා ද යන වග වැදගත් වොවි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

