ප්රසිද්ධ තීන්ත සමාගමකින් රුපියල් එක්කෝටි දාහතර ලක්ෂයකට ආසන්න මුදලක් වංචා කල එම සමාගමෙහි අලෙවි කළමණාකරුවෙකු අත්අඩංගුවට ගත්බව පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්පිටිය ඇත්කදුර ප්රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
ආයතනයේ සිදුකල ගිණුම් පරීක්ෂාවකදී රුපියල් ලක්ෂ 97 කට ආසන්න මුදලක් වංචාකර ඇති බවට සැකකරු පිළිගෙන මුදල් නැවත ලබාදෙන බවට දිව්රුම් ප්රකාශයක්ද ලබාදී තිබී ඇති බවත් , පසුව සිදුකල වැඩිදුර විමර්ශන වලදී රුපියල් එක්කෝටි දාහතර ලක්ෂයක් වංචා කර ඇති බවට හෙලිවූ බවත් පොලිසිය සදහන් කරයි .
තීන්ත මිළදී ගත් හාඩ්වෙයාර් වෙතින් ආයතනය වෙත ලබාදීම සදහා ලබාදී තිබූ මුදල් මෙසේ වංචා කර ඇති බවට විමර්ශන වලදී හෙලිව ඇති බවද පොලිසිය කීය. සැකකරු පානදුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
පානදුර සුමිත් පොතුපිටිය