තිළිණි එක්ක අපේ පවුල සම්බන්ධ නෑ
රුපියල් බිලියන ගණනක මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටින තිළිණි ප්‍රියමාලි හා තවත් පුද්ගලයෙක් නිදහස් කරන ලෙස තමන් පොලීසියට දුරකතන ඇමතුම් නොදුන් බවත් තම පවුලේ කිසිවෙකුත් ඇය හා සම්බන්ධයක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
“මම සභාවේ නැති වෙලාවේ චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා ප්‍රකාශ කරලා තිබෙනවා, කොළඹ මුදල් ඒකතු කළා කියන කාන්තාවක් හා ඇය හා සම්බන්ධ තවත් පුද්ගලයෙක් නිදහස් කරන්න මම පොලීසියට කථා කළා කියලා.
එය සම්පූර්ණයෙන් සාවද්‍යයක්. ඒ් වගේම පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලට මුවා වෙලා මේ වගේ ප්‍රකාශ කිරීම වැරදියි. ඒ වගේම තමයි ඒතුමා පැමිණිල්ලක් දැම්මලු, මම පැමිණිල්ලක් දැම්මේ නැතිලු. මට සම්බන්ධයක් නැති නිසා මට පැමිණිල්ලක් දාන්න අවශ්‍යතාවක් නෑ.
සම්බන්ධයක් තියෙන අයට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න පුළුවන් ඒ අය ඒකට සම්බන්ධ නෑ කියලා. එතුමා අභියෝගයක් කරලා තියෙනවා පුළුවන්නම් ඇවිල්ලා ප්‍රකාශයක් කරන්න කියලා. මම පැහැදිලිව කියනවා ඇය ඒක්ක හෝ ගනුදෙනුවලට අපේ පවුලේ කිසිම කෙනෙකුගේ සම්බන්ධයක් නෑ.
චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන්න ඔ්න මම කෝල් කරපු ඒකක් නෙමෙයි. මේ කාන්තාවට සල්ලි දුන්න අය සල්ලි හම්බකළේ කොහොමද කියලයි. මොකද එතුමල්ලා මුදල් විශුද්ධීකරණය ගැනයි කථා කරන්නේ. මේ පිළිබඳව මම පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට පැමිණිල්ලක් දානවා.”
popular news
-
janahitha Thursday, 20 October 2022 03:33 AM
okkoma horu desapalakayange kalu salli nikam yodavanne naha yamkisi vishavasavantha balavathunge sambandayak nathiva thamangen venvenna yana aya palanaya karanna gaththa theenduvak paravalallak bavata pathvela me salli giye kothanatada me desapalakayan ath adanguvata gena prashna kala haki anduvak path kirimata tharam janathava edithara natha
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

