තිලිණි ප්‍රියමාලිට එරෙහිව ලැබෙන පැමිණිලි ඉහළට
මහා පරිමාන මූල්‍ය වංචා චෝදනා එල්ලවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති තිලිණි ප්‍රියමාලි නම් කාන්තාවට එරෙහිව ලැබෙන පැමිණිලි සංඛයාව ඉහළ යමින් පවතින බව පොලීසිය සඳහන් කරයි.
මේ දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් පැමිණිලි 8ක් ලැබී ඇති බවත් සඳහන්
කොළඹ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලා හිමිකරුවෙකු මෙන්ම අපනයනකරුවෙක් වූ පුද්ගලයෙකුගෙන් අදාල කාන්තාව රුපියල් කෝටි 22කට අධික මුදලක් වංචා කල බවට වූ පැමිණිල්ලක්ද පසුගිය 27 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබේ.
හිටපු ආණ්ඩුකාරවරයෙකු සහ තවත් කාන්තාවකගේ මැදිහත්වීමෙන් එම ව්‍යාපාරිකයා විසින් දින කිහිපයක් මත යළි ලබාදෙන පොරොන්දුවට අදාළ මුදල එම සැකකාරිය වෙත ලබාදී තිබු බව සඳහන්ය.
කෙසේවෙතත් පොරොන්දු වූ කාලයේ දී එම මුදල යළි ලබා නොදීම හා අවස්ථා කිහිපයකදී අඟරු චෙක්පත් ලබාදීම හේතුවෙන් සැකකාරියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට ව්‍යාපාරිකයා පියවර ගෙන තිබුණි.
සිද්ධියට අදාළව තිලිණි ප්‍රියමාලි පසුගිය 05 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙම කාන්තාව පුරුද්දක් ලෙස මූල්‍ය වංචා සිදුකර ඇති බවටත් ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පවරන ලද නඩු කිහිපයක් පවතින බවටත් අපරාධ වාර්තා පරීක්ෂාවේ දී අනාවරණය වී ඇති බව වාර්තා වේ.
එමෙන්ම වෙනත් පොලිස් ස්ථානවලට ද තිලිණි ප්‍රියමාලි නම් කාන්තාවට එරෙහිව පැමිණිලි ලැබී ඇති අතර විවිධ පුද්ගලයින්ගෙන් මුදල් වංචා කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් තවත් පැමිණිලි ලැබෙමින් පවතින බව ද සඳහන්ය.
popular news
-
Rocky Monday, 10 October 2022 12:49 AM
Mese Pilli gesu mudal sambhaarayata meyaa monawada kale ? Koheda ewaa thibenne ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

