සැප්තැම්බර් මස 15 වන විට අප මුහුණ දී තිබෙන තිරිගු පිටි ප්‍රශ්නයට විසදුම් ලැබී පාන් මිල ඉහළ යමින් තිබෙන තත්වය පහව යනු ඇතැයි වෙළඳ හා ආහාර සුරක්ෂතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ජා-ඇල දී මාධ්‍ය හමුවකදී පැවසීය.
රටට අවශ්‍ය තිරිගු පිටි ගෙන්වීම සදහා ක්‍රියා කරන සමාගම් දෙක ඩොලර් ප්‍රශ්න ය නිසා තිරිගු ගෙන්වීමේදී යම් ගැටළුවකට මුහුණ දුන්නත් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ එම ආයතන වලට අවශ්‍ය පහසුකම් ලබා දුන් බවද නලීන් ප්‍රනාන්දු මහතා මෙහිදී පැවසීය. නමුත් රුසියානු යුක්රේන යුධ ගැටුම් නිසා තිරිගු ගෙන්වීම ගැටළුවක් වීමත් ඉන්දියාව ඔවුන්ගේ පිටි අපනයනය කිරීම නතර කර දැමීමත් යන කරුණු හේතුවෙන්ද තිරිගු පිටි ගෙන්වීමේ දී රට විශාල ප්‍රශ්නයකට මුහුණ දුන් බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේවන විට ඩුබායි හා තුර්කි යන රාජ්‍ය්‍යන් තිරිගු ගෙන්වීමට ආනයනය කරුවන් කටයුතු කරමින් සිටින නිසා සැප්තැම්බර් මස 15 වන දින පමණ වනවිට රට තුළ ඇති පාන් පිටි ගැටළුව පහව යනු ඇතැයි මෙහිදී විශ්වාස පල කලේය.
තිරිඟු ආනයන කරන සමාගම් හා කරනු ලැබු සාකච්ඡා වකදී මාසකට පමණ ප්‍රමාණවත් තිරිගූ ඔවුන් සතුව ඇති බව අනාවරණය වු බවද නලීන් ප්‍රනාන්දු මහතා මෙහිදී පැවසීය. ඒ අනුව එම තිරිගු පිටි කර වෙළඳ පොළට ඉදිරිපත් කිරිම ට උපදෙස් දුන් බවත් සෑම සතියකටම වරක් සමාගම් විසින් වෙළඳ පොළට නිකුත් කරන පිටි ප්‍රමාණය පරීක්ෂා කිරීම ට පාරිභෝගික අධිකාරිය ට උපදෙස් දී ඇති බවත් මාධ්‍ය හමුවේදී වෙළඳ හා ආහාර සුරක්ෂිත අමාත්‍යවරයා අනාවරණය කලහ.
එලෙසම බේකරි හිමියන්ගේ සංගමය සමඟ ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන සාකච්ඡාවේදී පාන් මිළ සම්බන්ධයෙන් මේ මොහොතේ දී තීරණයන් නොගන්නා ලෙස ඉල්ලා සිටින බවත් මේ රටේ මිනිස්සු අමාරුවෙන් ඉහළ ජීවන වියදමක් දරමින් සිටියදී තමන්ට ඇස් දෙක වසාගෙන සිටිය නොහැකි බවත් නලීන් ප්‍රනාන්දු මහතා මෙහිදී ප්‍රකාශ කලහ. එබැවින් තිරිගුපිටි නිපදවන සමාගම් පිටි සදහා නියම කරන මිළ සාධාරණ ද යන්න සොයා බැලීමට පාරිභෝගික අධිකාරිය ට තමන් උපදෙස් දුන් බව වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා සඳහන් කළේය.