පිටකොටුව 4වන හරස් වීදියේ වසා තිබූ වෙළඳ සැලක් ඉදිරිපිටට වාඩිවී සිටි පිරිසක් වෙත මෝටර් රථයක් කඩාවැදී සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කල බව පිටකොටුව පොලීසිය පවසයි.
එක් අයෙකු මෝටර් රථය කඩා වැදීමත් සමගම පිටතට පැන අනූ නවයෙන් බේරී ඇත.
මෝටර් රථය හිමි පුද්ගලයා ශාරීරික අවශ්‍යතාවයක් සඳහා පිටව ගිය අවස්ථාවේදී ඒ තුළ සිටි ඔහුගේ මිතුරකු මෝටර් රථය පනගන්වා තිරිංග වෙනුවට ඇක්සලේටරය පෑගීම හේතුවෙන් මෙම අනතුර වී තිබූ බව පොලිසිය කියයි.
අනතුරට පත් කුලී වැඩ කරන කම්කරුවන් වෙළඳ සැලක් ඉදිරිපිට බිම ඉඳගෙන කතාබස් කරමින් සිටියදී කුමාර වීදිය දෙස සිට අධික වේගයෙන් පැමිණි මෝටර් රථය ඔවුන් වෙත කඩා වැදී තිබූ බව පොලිසිය පැවසීය.
ඔවුන් තිදෙනාගේම පාද වලට බරපතළ තුවාල සිදුවී තිබූ අතර එක් පුද්ගලයකු ගේ පාදය ස්ථාන දෙකකින් කැඩී තිබූ බව පොලිසිය කියයි
අනතුර සිදුවන ආකාරය සිසිටිවි කැමරාවේ සටහන්ව තිබූ බවත් පොලිසිය සඳහන් කරයි.
මෝටර් රථය සහ අනතුර වන අවස්ථාවේදී එය පැද වූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
පිටකොටුව පොලීසිය පරීක්ෂණ පවත්වයි.

