සිමෙන්ති රැගෙන යමින් තිබූ ලොරියක් කහතුඩුව පොල්ගස්ඕවිට හන්දියේ දී යතුරුපැදියක ,ත්රීරෝද රථයක හා මෝටර් රථයක ගැටී අනතුරුව වෙළඳසැලකට කඩා වැදීමෙන් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලැබූ බව කහතුඩුව පොලිසිය පවසයි.
සිදුවූ අනතුරෙන් වෙළඳසැලට රුපියල් ලක්ෂ දෙකකට අධික අලාභයක් මෙන්ම ත්රීරෝද රථයට යතුරු පැදියට සහ මෝටර් රථයට ද ද අලාභ සිදු වී ඇත.
පිළියන්දල සිට මත්තෙගොඩ දෙසට සිමෙන්ති ප්රවාහනය කරමින් තිබු ලොරි රථය පොල්ගස්ඕවිට මත්තෙගොඩ මාර්ගයට ඉන්ධන පිරවුම්හල් භූමිය හරහා ධාවනය කිරීමේ දී ඉන්ධන හල හරහා යමින් සිටි යතුරුපැදියක ගැටී අනතුරුව මත්තෙගොඩ සිට කොස්ඕවිට හන්දියට ධාවනය වෙමින් තිබූ තීරෝද රථයක ගැටී අනතුරුව නවතා තිබූ මෝටර් රථයක පිටුපස ගැටී විදුලි උපාංග අලෙවි සැලකට කඩා වැදී තිබූ බව පොලිසිය කියයි
අනතුර සිදු කළ බව කියන රියදුරු අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරීමේදී ලොරියේ තිරිංග එකවරම අක්රිය වූ බැවින් විදුලි කණුව ඉලක්ක කරගෙන ලොරි රථය ධාවනය කළ ද එම ඉලක්කයද වැරදුණු බව ප්රකාශ කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
රියදුරු කැස්බෑව අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.
කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්රමරත්න රථවාහන අංශයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් සැරයන් පි, කේ, ජේ, සම්පත් පොලිස් කොස්තාපල්වරුන් වන 40531 චතුරංග 66639 සඳමාල් මහත්වරු පරීක්ෂණ පවත්වයි.


