යුක්තිය මෙහෙයුමට සමගාමීව සිදුකරන නීති විරෝධී ආකාරයට උපයා ගත් මුදල්වලින් මිලදී ගත් දේපල හා වත්කම් පිළිබඳ සොයා බලන මෙහෙයුම්වලදී ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකුට අයත් රුපියල් ලක්ෂ 1060ක් වටිනා වාහන සහ දේපල තහනමට ලක් කර තිබේ.
නීති විරෝධී වත්කම් හෝ දේපල විමර්ශන කොට්ඨාසය විසින් අදාළ දේපල තහනමට ලක් කර තිබෙන අතර, මෙලෙස දේපල තහනම් කර තිබෙන්නේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කුඩු රොෂාන්, කවිඳු මදුරංග සහ හෙට්ටිආරච්චිගේ ශ්‍රියානි නමැති කාන්තාවට අයත් දේපල වේ.
මේ අනුව රුපියල් ලක්ෂ 330 ක් වටිනා TOYOTA LAND CRUISER PRADO වර්ගයේ ජීප් රථයක්, රුපියල් ලක්ෂ 130ක් වටිනා TOYOTA KDH වර්ගයේ වෑන් රථයක්, රුපියල් ලක්ෂ 76 ක් වටිනා TOYOTA CHR වර්ගයේ කාර් රථයක්, රුපියල් ලක්ෂ 64 ක් වටිනා TOYOTA AQUA වර්ගයේ කාර් රථයක් සහ රුපියල් ලක්ෂ 10 ක් වටිනා BAJAJ වර්ගයේ ත්‍රී රෝද රථයක් තහනමට ලක් කර තිබේ.තහනමට ලක් කර තිබෙන වාහනවල වටිනාකම ලක්ෂ 610 ක් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
රුපියල් ලක්ෂ15 ක් වටිනා පර්චස් 7.5ක තලගල පිහිටි ඉඩමක්, රුපියල් ලක්ෂ 45 ක් වටිනා මාලබේ පිහිටි පර්චස් 05ක ඉඩමක්, රුපියල් ලක්ෂ 240 ක් වටිනා අංක 129 රජවත්ත ටෙරස්, ජාඇල, කොටුගොඩ පිහිටි පර්චස් 12.5 ක ඉඩමක් සහ දෙමහල් නිවසක්, රුපියල් ලක්ෂ 150 ක් වටිනා නිවන්දන දකුණ, ජා ඇල ලිපිනයේ පිහිටි ඉඩමක් තහනමට ලක් කර තිබේ.තහනමට ලක් කළ ඉඩම් හා නිවාසවල වෙළෙඳ පොළ වටිනාකම රුපියල් ලක්ෂ 450ක් බවද මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
යුක්තිය මෙහෙයුම යටතේ පෙරේදා (07දා) සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 955ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් සැකකරුවන් 39 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත රඳවා තබා ගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බවත්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයන් 31දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට කටයුතු කරන බවත් පොලීසිය සඳහන් කරයි.පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලීසිය විසින් ලේඛනගතකර සිටින පහළ මට්ටමේ මත්ද්‍රව්‍ය ජවාරම් කරුවන්ගේ ලැයිස්තුවේ සිටින පුද්ගලයන් 51 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.