තැපෑල හරහා සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට යාන්ත්‍රණයක් අවශ්‍යයි
තැපෑල හරහා විශාල වශයෙන් සිදුකරනු ලබන කුඩා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්විම සදහා වඩාත් දැඩි පරික්ෂණ ක්‍රම හා බුද්ධි තොරතුරු හුවමාරුකරගැනිමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළයුතුව ඇති බැව් ශ්‍රිලංකා රේගුව විසින් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවේ සදහන් වේ.
බණ්ඩාරණායක ජාත්‍යන්තර් ගුවන්තොටුපොළ මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරණ ප්‍රධානතම ස්ථානය ලෙස පවතින අතර මත්ද්‍රව්‍ය සම්බන්ද වැඩිම සිද්ධි සංඛ්‍යාවක් වාර්තාවි ඇත්තේ තැපැල් මාර්ගයෙන් බවද මෙම වාර්තාවේ සදහන් වේ.
ඉකුත් වර්ෂයේ දි (2025) තැපැල් මාර්ගය හරහා මත්ද්‍රව්‍ය රැගෙන එමට අදාළ සිද්ධින් 81ක් වාර්තා වි ඇත. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්රැම් 97,410කි. එහි වටිනාකම කෝටි 1,078කට අධික බවද මෙම වාර්තාව මගින් අනාවරණයකොට ඇත. කුඩා පාර්සල් භාණ්ඩ තොග පිළිබදව වැඩිදියුණු කළ පරික්ෂා කිරිම් හා බුද්ධි තොරතුරු හුවමාරුවේ දැඩි අවශ්‍යතාවක් පවතින බවද මෙකි වාර්තාව මගින් පෙන්වාදි ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

