තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සඳහා වන, නව පනත මේ වසර අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අනාවරණය කළේය.
පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස රුපියල් බිලියන 10ක වියදමින් මෙම නව්‍යකරණ කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවත් කිසිවිටක තැපෑල ඈවර කිරීමට ඉඩ නොතබන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මෙම අදහස් පළ කළේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති “ස්ථාවර රටකට සැවොම එක මඟකට” ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ඩිජිටල් කිරීමෙන් ඉදිරි වසර දෙක තුළ ලාභ ලබන පරිසරයක් තැපෑල තුළ නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ වසර අවසන් වන විට අලාභය රුපියල් මිලියන 3000කින් අඩු කර ගැනීමටත්, 2025 වන විට ලාභ ලබන තැපෑලක් ඇති කිරීමට ද සැලසුම් කර ඇති බව පැවසීය.
දැනට පවතින තැපැල් ආඥා පනත මඟින් තැපෑල නව්‍යකරණයට බාධා පවතින බැවින් කඩිනමින් එය සංශෝධනය කිරීමට පියවර ගනිමින් සිටින බවත් එහි කටයුතු මේ වන විටත් සියයට 80කින් අවසන් කර ඇති බව ශාන්ත බණ්ඩාර මහතා කියා සිටියේය.