තැපැල් කාර්යාල සෙනසුරාදා වසයි
කොවිඩ් 19 හේතුවෙන් රජය මුහුණ දී ඇති මූල්‍යමය දුෂ්කරතාවන්ගෙන් මිදීම සඳහා මාස තුනක කාලයකට තැපැල් කාර්යාලය සෙනසුරාදා දිනයේදී වසා තැබීමට තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ සතියේ දින පහක කාලය තුළදී පමණක් සේවකයන්ට අතිකාල වැඩ කිරීමට අවස්ථාව ලබාදී ඇති බවයි.
මේ පිළිබඳව තැපැල් වෘත්තීය සමිති සමග පැවැති සාකච්ඡා අසාර්ථක වූ බවත් මාස තුනක කාලයක් සඳහා දුෂ්කරතාවයට මුහුණ දෙන ලෙසත් ඔහු සඳහන් කළේය.
popular news
-
Deepal Nirosh Thursday, 11 June 2020 02:42 PM
එහෙනම් මේ තැපැල් කාර්යාල සෙනසුරාදාට විවෘතව තැබුවෙ සේවක සුභසාධනයටයි, ඒ මිසක් ජනතා සුභසාධනයට නොවෙයි. අනේද කියන්නෙ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

