තායිලන්තයෙන් කාන්තාවන් හරහා මත්ද්‍රව්‍ය ලංකාවට ගෙන එන ජාවාරමක්
- 20 09 2026
- 09:31
- {{hitsCtrl.values.hits}} views
- ..
තායිලන්ත කාන්තාවන් යොදාගෙන කටුනායක ගුවන් තොටුපොළ හරහා ශ්‍රී ලංකාවට කුෂ් මත්ද්‍රව්‍ය රැගෙන ඒන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. අද අලුයම මේ ආකාරයට ලංකාවට කුෂ් මත්ද්‍රව්‍ය රැගෙන ආ තායිලන්ත කාන්තාවන් තිදෙනෙක් අවස්ථා දෙකකදී කුෂ් හා හෂීස් මත්ද්‍රව්‍ය සමග කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අනුව අද අළුයම කටුනායක ගුවන් තොටුපොල පැමිණිමේ පරියන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ කටුනායක ගුවන් තොටුපොල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර තායිලන්තයේ බැංකොක් සිට ගුවන් මගින් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 03 ග්‍රෑම් 220 ක් හා හෂිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 852 ක් සන්තකයේ තබාගෙන මෙරටට පැමිණි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත. සැකකාරිය අවුරුදු 38 ක් වන තායිලන්ත ජාතිකාවකි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
මේ අතර අද අළුයම කටුනායක ගුවන් තොටුපොල පැමිණිමේ පරියන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ කටුනායක ගුවන් තොටුපොල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර තායිලන්තයේ බැංකොක් සිට ගුවන් මගින් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 994 ක් හා හෂිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 620 ක් සන්තකයේ තබාගෙන මෙරටට පැමිණි කාන්තාවක් හා ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් එම ගුවන් යානයෙන් මෙරටට පැමිණි තවත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත. සැකකාරියන් අවුරුදු 31 හා 36 වයස්වල පසුවන තායිලන්ත ජාතිකයන් වේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

