තාප විදුලි බලාගාර සඳහා විශේෂ ප්‍රමුඛතාවයක් දීලා නෑ
වාර්තාගත ලෙස ඉන්ධන මිල ඉහළයාම, ඉහළ විදුලි ඉල්ලුම සහ වියළි කාලගුණික තත්වය නිසා ජලවිදුලි නිෂ්පාදනය අඩුවීම ආදී හේතු මැද බලාගාර සදහා අඛණ්ඩ ඉන්ධන සැපයුම සහතික කිරීම පිණිස කටයුතු කර ඇතත් තාප විදුලි බලාගාර සදහා විශේෂ ප්‍රමුඛතාවයක් ලබාදී නොමැති බව බලශක්ති අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේදී පැවසීය.
පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට ගෙවිය යුතු මුදල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බලශක්ති අමාත්‍යවරයා ඉහත කරුණු දැක්වීය.
තවද පුනර්ජනනීය බලශක්තිය සීමාකිරීම හෝ අධෛර්යමත් කිරීමට කටයුතු නොකරන බවත් තාක්ෂණික හේතු මත එනම් අඩු විදුලි ඉල්ලුමක් සහ ඉහළ පුනර්ජනනීය බලශක්ති සැපයුමක් ඇති අවස්ථාවල පද්ධතියේ ස්ථාවරතාවය රැක ගැනීම පිණිස යම් පියවර ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
පුනර්ජනනීය බලශක්තිය ගබඩා කිරීම සදහා වන බැටරි (BESS) පද්ධති ඉදිකිරීමට කටයුතු කරන බවද ඒ අනුව මෙගාවොට් 160ක පද්ධතියක් ඉදිකිරීම සදහා ටෙන්ඩර් ප්රදානය කර අවසන් බවද තවත් මෙගාවොට් 300ක පද්ධතියක් සදහා නුදුරේදීම කැදවීමට නියමිත බවද අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

