“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයරනිල් වික්‍රමසිංහ මහතා සමග තියෙන පෞද්ගලික තරහෙන් වෛරයෙන්, ක්‍රෝධයෙන් ගන්නා තීන්දුවලට අපි කැමැති නැහැ. රට කවුරු බාරගත්තත් බැරිවෙලාවේ ගන්න කෙනා එක්ක මාස 6 ක් හෝ අවුරුද්දක් ජනතාවට යමක් වෙනවාද කියා බලන්න එයාට සහයෝගය දෙන්න අවශ්‍යයි. ඒ නිසා අපි 8 දෙනෙක් පක්ෂ ව්‍යවස්ථාවට විරුද්ධ වුණා”යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (6) බදුල්ලේදී පැවසීය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මට විරුද්ධව විනය පරික්ෂණ කරන්න බැහැ. ඒ නිසා ඒගොල්ල ව්‍යවස්ථාව වෙනස්කරගනිමින් ඉන්නවා. ඉදරියේදී විනය පරික්ෂණයක් තියයි. විනය පරික්ෂණයේදී ඒකට උත්තර දෙන්න මට පුළුවන්. ඒක එතකොට බලමු.
තාත්තාගෙන් පුතාට බලය දෙන්න කොහොමටවත් බැහැ. ශ්රීලනිපය තාත්තාගෙන් පුතාට බලය යනවනම් අනුර බණ්ඩාරනායක තමයි බලයට එන්න තිබුණේ. එහෙම වුණේ නැහැ. තාත්ගෙන් පුතාට බලය බලය දෙන්න වැඩකරපු කාලයක් තිබුණා. පනස්ගණන් වල, හැට ගනණ්වල, හැත්තෑ ගණන් වල.
ශ්‍රීලංකා නිදහස් පක්ෂය ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම උල්ලංගනය කරල තියෙනවා. අපි ඒකට විරුද්ධ වුණා. අපි විධායක සභාවේදී ඡන්දය දීමෙන් වැළකී සිටියා. මධ්‍යම කාරක සභාවේදී අපි ඒකට විරුද්ධත්වය ප්‍රකාශ කළා.
දේශපාලන මණ්ඩලයේ 15 දෙනෙක් ඉන්නවා. සභාපති , ලේකම් නිලබලයෙන් පත්වෙනවා.13 දෙනෙක් සභාපතිගේ ගෝලබාලයෝ තමයි දේශපාලන මණ්ඩලයේ තියාගෙන ඉන්නේ.
ඒ දේශපාලන මණ්ඩලය ගන්නා තීන්දු සභාපතිගෙයි, ලේකම් ගෙයි ගෝලබාලයේ ටික දේශපාලන මණ්ඩාලයේ හිටියම ඒගොල්ල ගන්න තීන්දු දේශපාලන මණ්ඩලයට දානවා .
මධ්‍යම කාරක සභාව කියන්නේ චන්ද්‍රිකා මැඩම්ගේ කාලේ නැතිනම් මහින්ද මහත්තයාගේ කාලේ දි.මු.ජයරත්න, නිමල් සිරිපාල ද සිල්වා, එස් .බී. දිසානායක වගේ හොද වැඳගත් කැබිනට් ඇමතිවරු නියෝජනය කළ එකක්.
දැන් කොහොමද දැන් මධ්‍යම කාරක සභාව නියෝජනය කරන්නේ. ගම්වලින් ආපු , ඡන්ද දහයක් නැති ඇච්චෝ, බැච්චෝ.
දිස්ත්‍රික් නායකයෝ ආසන සංවිධායකවරු ලෙස දාගෙන ඒ අයගෙන් දැන් මධ්‍යම කාරක සභාවේ ඉන්නේ. එම මධ්‍යම කාරක සභාවෙන් තමයි තීරණ ගන්නේ.
පක්ෂ ව්‍යවස්ථාව වෙනස්කර හදන මධ්‍යම කාරක සභාවේ මිනිසුන්ට යටවෙන්න නොවෙයි ජනතාව අපට ඡන්දයදීලා පාර්ලිමේන්තු වට ය වල තියෙන්නේ.පක්ෂයට , නීතියට හා පක්ෂය ගන්න තීන්දුවලට ගරුකරන්න ඕන.
පාර්ලිමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරු විරුද්ධවෙනකොට පළාත් සභාවකට වත් යන්න බැරිවුන අඩුම වශයෙන් ප්‍රාදේශීය සභාවට වත් යන්න බැරිවුණ අය තමයි මධ්‍යම කාරක සභාවේ ඉන්නේ.”
පාලිත ආරියවංශ
