උතුරු නැගෙනහිර පළාත් වල මෙන්ම දිවයිනේ සෙසු පළාත්වල ද පිහිටා ඇති සුවිශේෂී ඓතිහාසික වැදගත්කමකින් යුත් බෞද්ධ සිද්ධස්ථානවල සුරක්ෂාව හා සංවර්ධනය උදෙසා අනුයුක්ත කර ඇති ආරක්ෂක හමුදා නිලධාරීන්අවශ්යතාවයන්ට අනුරූප පරිදි එකී සිද්ධස්ථාන ආශ්‍රයෙහි යෙදවීම යෝග්‍ය බවත් එසේම උතුරු හා නැගෙනහිර පළාත්වල විහාරස්ථාන ආශ්‍රිතව පවතින හමුදා කඳවුරු එම ප්‍රදේශයන්හි සුරක්ෂාව උදෙසා එලෙසම පවත්වාගෙන යන ලෙසත් දන්වමින්ත්රෛනිකායික මහ නාහිමිවරුන්ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කොට තිබේ .
සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.
උතුරු නැගෙනහිර පළාත්වල පිහිටි විහාරස්ථාන්ගේ හා රට පුරා පිහිටි සුවිශේෂී ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන යන්ගේ ආරක්ෂාව හා ප්‍රතිසංස්කරණ කටයුතු තහවුරු කිරීම පිළිබඳවයි.
අප රට පෙරාපර දෙදිග සම්භාවනාවට පාත්රවඇත්තේ ථෙරවාදී බෞද්ධ දර්ශනයේකෝෂ්ටාගාරය ලෙසයි . සහස්ර දෙකකට අධිකලක්දිව සාඩම්බර ඉතිහාසයේ ශ්‍රී විභූතිය ලොවට ප්‍රකාශ කරන ජීවමාන සාධකය වනුයේ දිවයින පුරා පිහිටි ඓතිහාසික බෞද්ධ වෙහෙර විහාරස්ථාන බව නොරහසකි .අද වන විට දේශයේ ආධ්යාත්මිකශික්ෂණය උදෙසා මෙන්ම ආර්ථික දියුනුව උදෙසා ද දිවයින පුරා පිහිටි බෞද්ධ වෙහෙර විහාරස්ථාන තුළින් ලැබෙන පිටුබලය ඉමහත්ය . එහෙයින් එකී වෙහෙර විහාරස්ථාන යන්ගේ සුරක්ෂාව මෙන්ම පැවැත්ම තහවුරු කිරීම රජයේ වගකීම බව සිහිපත් කර සිටිනු කැමැත්තෙමු .
දශක තුනකට අධික කාලයක් පැවැති බිහිසුණු යුදමය වාතාවරණය තුළ පවා සම්බුද්ධ ශාසනයේ සුරක්ෂාව උදෙසා දැඩි කැප කිරීමෙන් උතුරු හා නැගෙනහිර පළාත් තුළ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කරගනි මින් පමින් ප්‍රදේශය බෞද්ධ ජනතාවට සම්බුද්ධ දර්ශනයේ සංස්පර්ෂය ලබා දීමට ඒ පළාත්වාසී භික්ෂූන්වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්නට යෙදිණි . තත් කාර්යයෙහිලාසහයෝගය ලබාදෙමින්විහාරස්ථානවල කටයුතු කරන භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් ද සපයමින් එදා සිට අද දක්වාමඋතුරු නැගෙනහිර පළාතේ පිහිටි ඓතිහාසික සිද්ධස්ථාන ආරක්ෂා කර ගැනීම හා නඩත්තු කටයුතු සඳහා ආරක්ෂක අංශ විසින් සුවිසල් මෙහෙයක් ඉටු කරනු ලබයි .
වර්තමානය වන විටත් උතුරු නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන ආශ්‍රිතව බෞද්ධ ගම්මාන පිහිටා නැත . ඉතා සීමිත දායක පිරිසක් ඇතැම් විහාරස්ථාන ආශ්‍රයේ කටයුතු කළද විහාරස්ථාන නඩත්තු කොට පෝෂණය කිරීම තරම් වත්පොහොසත් කම් නැති එවැනි බොහෝ පිරිසකට උපකාර සපයනුයේ මෙම ප්‍රදේශයේ වැඩසිටින මහා සංඝරත්නය විසිනි .
එසේම පසුගිය කාල වකවකවානුව තුළ දිවයිනේ අනෙකුත් පළාත් වලද සුවිශේෂී ඓතිහාසික වැදගත්කමකින් යුත් විහාරස්ථානයන් ගේ ආරක්ෂාව හා සංවර්ධන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවන්ගෙන් සුවිශේෂී දායකත්වයක් සපයා දෙන ලදී . එකී සිද්ධස්ථාන කෙරෙන් ආරක්ෂක අංශ ඉවත් කිරීම එම සංවර්ධන කාර්යයන් අඩාල කිරීමට හේතුවනු ඇත .
එහෙයින් උතුරු හා නැගෙනහිර පළාත් වල මෙන්ම දිවයිනේ සෙසු පළාත්වල ද පිහිටා ඇති සුවිශේෂී ඓතිහාසික වැදගත්කමකින් යුත් බෞද්ධ සිද්ධස්ථාන වල සුරක්ෂාව හා සංවර්ධනය උදෙසා අනුයුක්ත කර ඇති ආරක්ෂක හමුදා නිලධාරීන්තත් අවශ්‍යතාවයන්ට අනුරූප පරිදි එකී සිද්ධස්ථාන ආශ්රයේහි යෙදවීම යෝග්‍ය බවත්එසේ මඋතුරු හා නැගෙනහිර පළාත්වල විහාරස්ථාන ආශ්‍රිතව පවතින හමුදා කඳවුරු එම ප්‍රදේශයන්හි සුරක්ෂාව උදෙසා එලෙසම පවත්වාගෙන යාම සුදුසු බවත් කරුණාධ්‍යාශයෙන් යුතුව දන්වා සිටුම්හ .
(ෂේන් සෙනෙවිරත්න)