ත්‍රීරෝද රථ ගමන් වලදී එක් පුද්ගලයෙක් පමණක් රැගෙන යන්න
රටතුළ ඇදිරිනීතිය ඉවත් කළද කෝවඩි-19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරයාමේ අවධානම වැඩි දිස්ත්‍රික්ක සහ අවධානම අඩු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් සීමා කළයුතු බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරැ පවසති.
රටේ ආර්ථිකය පවත්වාගෙන යාමට හැකි අයුරින් මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවත් මේ සම්බන්ධයෙන් අදාල දිස්ත්‍රිත්ක වල වෙන වෙනම ක්‍රියාපිළිවෙත් සකස් කළයතුව ඇති බවත් ප්‍රජා වෛද්‍ය විශේෂඥවරැන්ගෙ සංගමයේ සාමාජික විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා අද පුවත්පතට පැවසීය.
විශේෂයෙන්ම අවධානම වැඩි දිස්ත්‍රික්යක සිට අවධානම අඩු දිස්ත්‍රික්කයක් වෙත ගමන්කිරීමේදී රෝගය පැතිරීමට වැඩි ඉඩක් ඇති බවද හෙතෙම සඳහන් කළේය. කෙසේඋවද රටේ ආර්ථිකයද පවත්වාගෙන යා යුතු බැවින් ව්‍යාපාරිකයින් සමගද සාකච්ඡා කර ඔවුන් සමගද යම් එකගතාවයන්ට පැමිණිය යුතුව ඇති බවද ජයරත්න මහතා පෙන්වා දුන්නේය.
එමෙන්ම අද(20දා)සිට ත්‍රිරෝද රථ ධාවනය ආරම්භකිරීමට අවසරදී ඇති අතර ත්‍රීරෝද රථ ධාවනයේදී එක් ගමන්වාරයකදී එක් පුද්ගලයකු පමණක් රුගෙන යාමට ත්‍රීරෝද රථ රියදුරන් කටයුතු කළයුතු බවද වෛද්‍ය කපිල ජයරත්න මහතා පැවසීය.
ත්‍රීරෝද රථයට ගොඩවීමට පෙර අත් සෝදා එයට ගොඩවීමේ ක්‍රමයක් පවත්වාගෙන යා යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.
එමෙන්ම කෝවිඩි-19 වසංගතයෙන් මිදීමේ ක්‍රමඋපායන් ඇතුළත් වාර්තාවක් ප්‍රජා වෛද්‍ය විශේෂඥවරැන්ගේ සංගමය මගින් රජයට ලබාදී ඇති බවත් විවිධ ක්‍රියාමාර්ග ගැනීමේදී රජය මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරනු ඇතැයි බලාපොරොත්තු වන බවද හෙතෙම වැඩිදුරටත් පැවසිය.

popular news
-
lakmal Sunday, 19 April 2020 01:04 PM
කරන්න පුළුවන් දේවල් කියන්න..මේවා මේ රටේ වෙන්න පුලුවන්ද? එක ත්‍රීවීල් එකේ එක්කෙනෙක් විතරක් යයිද? කාවද මේ රවට්ටන්න හදන්නේ.? ගෝඨාබය මහත්තයා හරි..නමුත් මහින්ද කියන මනුස්සය මේ කරන දෙයින් රටක් නැතිවෙන්නයි මේ යන්නේ.තමාගේ පවුල ගැන විතරක් හිතල වැඩ කරලා එක පාරක් කෙලවා ගත්තා. මේ සැරෙත් එකේ අනික කර ගන්නයි යන්නේ. අඩු තරමේ පක්ෂෙට විතරක්වත් චන්දෙ දීලා ඉන්නම් කියල හිතන් හිටියා.මේ කරන හිකනල් වැඩ හන්දා දන්න එකෙක්ටවත් පොහොට්ටුවට දෙන්න කියන්නේ නෑ ..
Reply : 0 12
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

