යුද, නාවික සහ ගුවන් හමුදාවලට අයත් නිත්‍ය බල සේනාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 57 දෙනෙකු වෙනුවෙන් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්රදානය කිරීම ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්විණ.
සිය සේවා කාලය තුළ රට සහ ජනතාව වෙනුවෙන් ඔවුන් සියලු දෙනා ඉටු කළ විශිෂ්ට සේවය අගය කරමින් "විශිෂ්ට සේවා විභූෂණ" පදක්කමින් පිදුම් ලැබූ සියලු නිලධරයන් වෙත ජනපතිවරයා මෙහිදී සුබ පැතුම් ඒක් කළේය.
එසේම, සිය රාජකාරී ඉටු කිරීමේදී ඔවුන් දැක්වූ වගකීමට; වගවීම, ස්වයං විනය සහ ඉහළ වෘත්තීයභාවය, මෙරට රාජ්‍ය සේවය, යළි ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා වැදගත් මඟසලකුණක් වනු ඇති බවද ජනපතිවරයා සඳහන් කළෙය.
