මේ වන විට ලංකාවේ ත්‍රී රෝද රථ ක්ෂේත්රයේ ලක්ෂ 11ක් පමණ සිටින බවත් එයට පිවිසිමේ වයස් සීමාව අවුරුදු 40ක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පැවැසිය.
"රජයක් හැටියට ප්‍රමුඛතාව දෙන්නේ මානව සම්පතට, ඒකයි අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ප්‍රමුඛතාව දෙන්නේ. මේ අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක් වෙන්න ඔ්න කියලා අපි විශ්වාස කරනවා. ත්‍රීවිල්වලට යන වයසත් අවුරුදු 40 ක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉස්කොලේ ගියපු ගමන් ත්‍රීවීල් එකක් අරන් පාරට එන්න බෑ. අධ්‍යාපනයේ වෙනසක් කරනවා. ලංකාවේ ත්‍රී රෝද රථවල විතරක් ඉන්නවා ලක්ෂ 11ක්. ලංකාවේ තරුණ තරුණියන්ගෙන් සියයට 40ක් අධ්‍යාපනයක නියලෙන්නෙත් නෑ, පුහුණුවක නිරත වන්නෙත් නෑ, රැකියාවක නිරත වෙන්නෙත් නෑ."