ඉන්ධන මිල වැඩිකිරීමට සාපෙක්ෂව ත්රි රෝද රථ ගාස්තු රුපියල් 10කින් වැඩිකිරීමට ත්රි රෝද රථ සංගම් තීරණය කර තිබේ. ඒ අනුව පළමු කිලෝමීටරයට මේ වන විට අයකරන රුපියල් 100ක ගාස්තුව ස්ථාවරව පවත්වාගෙන යමින් දෙවැනි කිලෝ මීටරයේ සිට අයකළ රුපියල් 80ක ගාස්තුව රුපියල් 90ක් දක්වා වැඩි කරීමට ඔවුන් තීරණය කර තිබේ.