පෙට්රල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු වුවත්,ත්රිරෝද රථ ගාස්තුව කිසිදු මුදලකින් අඩු නොකරන බව ත්රිරෝදරථ රියදුරන්ගේවෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා සඳහන් කළේය.
මීට පෙර අවස්ථාවකදී පෙට්රල් ලීටරයක මිල රුපියල් 07කින් අඩු වී තිබෙන බවත්, මේ අනුව අවස්ථා දෙකේදී පෙට්රල් අඩුවීම රුපියල් 22ක් බවට පත් වී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
ලීටරයකින් ධාවනය කළ හැකිවන්නේ, කිලෝමීටර් 20ත් 22ත් අතර ප්රමාණයක් බවත්, මේ අනුව අවස්ථා දෙකේදීම පෙට්රල් අඩුවීම සලකා බලා කිලෝමීටරයකට අඩු කිරීමට හැකිවන්නේ, රුපියලක මුදලක් බවත් සභාපතිවරයා පැවසීය.
ත්රිරෝද රථ කර්මාන්තයනියාමනය කරපළාත් ප්රවාහන අධිකාරී මගින් ගාස්තු සමාලෝචන කමිටු සකස් කර පළමු කිලෝමීටරයට හා දෙවැනි කිලෝමීටරයේ සිට අයකරන ගාස්තු ප්රකාශයට පත් කළ යුතු බවද ඒ මහතා පවසා සිටියේය.
එවැනි වැඩපිළිවෙළක් නොමැති වීම නිසා ත්රිරෝද රථ හිමියන් මගී ජනතාවගෙන් විවිධ ගණන් අයකරමින් තිබෙනබවත්, එහෙත් ගාස්තු නියාමනයක් යටතේ මෙම විෂමතා ඉවත් කර ජනතාවට සහන ලබාදිය හැකි බවත්සභාපතිවරයා සඳහන් කළේය.