හෙරොයින් කිලෝග්‍රෑම් 196 ක් සමග අත්අඩංගුවට ගන්නා ලද මෙරටට හෙරොයින් ආනයනය කරන ප්‍රධාන පෙළේ පුද්ගලයින් ඇතුළු පස් දෙනෙකු ට එරෙහිව පවරා තිබූ නඩුව ව්භාග කිරිමෙන් අනතුරුව ඔවුන් සියලු දෙනා නිදොස් කොට නිදහස් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දුන් තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තා වේ.
පැමිණිල්ලේ කරුණු නිසි ලෙස අධ්‍යයනය කිරීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝගය ලබා දී ඇතැයි සදහන් කරමින් මෙම අභියාචනය කිරීමට නීතිපතිවරයා පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
කුඩු ජාවාරම ලංකාවෙන් තුරන් කිරීම සදහා ඉක්මනින් නඩු විභාග කොට කුඩු ජාවාරම් කරුවන්ට දඬුවම් කිරීම අරමුණු කරගෙන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පවරන ලද මුල්ම නඩුව විභාග කිරීමෙන් අනතුරුව විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් ඔප්පුකොට නොමැති බව සඳහන් කරමින් විත්තිකරුවන් සියලු දෙනා ම නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේ ය.
ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ එම තීරණයට එරෙහිව අභියාචනයක් කිරීමට නීතිපතිවරයා මෙලෙස තීරණය කොට ඇතැයි වාර්තා වේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති සජිව මැදවත්ත මහතාගේ සෘජු අධීක්ෂණය හා මැදිහත්වීම මත එම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සිදු කළ බව අධිකරණයේ හෙළි වුවත් නඩු භාණ්ඩ හඳුනා ගැනීම සහ සාක්කි දුන් ආකාරය පිළිබඳ මවිතය පළ කරන බව විත්තිකරුවන් නිදහස් කරමින් විනිසුරු මඩුල්ල ප්‍රකාශයට පත් කළ තීන්දුවේ සඳහන් විය.