හිටපු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ උදවිය ත්රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සිටින බවට පළවූ වාර්තා අනුව ත්රිකුණාමලය ජනතාව මේ වන විට විශාල වශයෙන් එම ස්ථානයට පැමිණෙමින් සිටියි.
'හොරු ආරක්ෂා නොකරව උන්ව අපිට දෙන්න' යැයි මෙහිදී ජනතාව නාවික හමුදාවෙන් ඉල්ලීමක් කරයි. තමන්ට ආරක්ෂක අංශ සමග කිසිම ගැටුමක් නොමැති බවත් හොරු ආරක්ෂා නොකරන ලෙසත් ඔවුහු වැඩිදුරටත් පවසයි.