ත්‍රස්තවාදය වැළැක්විිමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කිරිම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ මෙන්ම යුරෝපා සංගමයේ අවධානය යොමුව තිබේ.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිිදෙනෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ වන විට දින 90ක් රැඳවාගෙන ප්‍රශ්න කිරිමට ආරක්ෂක අමාත්‍යාංශය අනුමැතිය දී තිබේ.
මේ පළිිබඳව සිය ට්විිටර් ගිිණුමෙන් අදහස් ප්‍රකාශ කළ ශ්‍රී ලංකාවේ ඇමෙරිිකානු තානාපති ජූලි චුංග් මහත්මිය,
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන නීති භාවිතා කිරීම ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය ඛාදනය කරයි. ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන ලෙස අපි රජය දිරිමත් කරනවා.
මේ පළිිබඳව සිය ට්විිටර් ගිිණුමෙන් අදහස් ප්‍රකාශ කළ ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිතයන්,
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත මෑත කාලීන අත්අඩංගුවට ගැනීම් වලදී භාවිතා කිරීම පිළිබඳ වාර්තා ගැන කනස්සල්ලට පත්ව සිටනවා.