ත්‍රස්තවාදය අතුගා දමන්නට බුද්ධි අංශවලට හැකියි - ජනපති
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදී ත්‍රස්තවාදය අවසන් කිරීමට ත්‍රිවිධ හමුදාවට විශේෂයෙන්ම බුද්ධි අංශයන්ට හැකියාවක් ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
යුද සැමරුමේ 10 වැනි සැමරුමට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“අපේල් 21 ප්රශ්නය ලංකාවේ ප්‍රශ්නයක් නෙමෙයි. ලෝකයේ ප්‍රශ්නයක්. ලෝකයත් එසේමයි හඳුනා ගන්නේ. මෙය පරාජය කිරිමේ වගකීම පැවැරෙන්නේ විශේෂයෙන්ම බුද්ධි අංශ වෙතයි. මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරය අතුගා දමන්න අපේ හමුදාවන්ට බුද්ධි අංශවලට හැකියාව තිබෙනවා.
ගතවූ මාසයක කාලය තුළ ත්රස්තවාදයට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගත්තා. ඇතැම් පිරිස් මිය ගියා. අන්තවාදය, ආගමික අන්තවාදය කොයි මොහොතක කොතනක සිදුවේද යන්න ලෝකයේ කිසිම පාලකයෙකුට, බලවතෙකුට, යුද විශේෂඥයෙකුට කියන්න බෑ.
අපි රටක් ලෙස ප්‍රධාන වශයෙන්ම ලෝකය සමග අත්වැල් බැඳ ගත යුතු වෙනවා මේ අන්තවාදී ත්‍රස්තවාදය විනාශ කිරීමට. වසර 30ක යුද අත්දැකීම් සහිතව මේ ප්‍රශ්ණය ජය ගෙන ස්ථ්ර සාමයක් ඇති කිරිම අපිට සිදුකළ හැකියි.:”

popular news
-
bandara Sunday, 19 May 2019 06:57 PM
දැනට තියෙන එකම බාධාව ඔබයි.
Reply : 0 55
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

