තවුහිද් ජමාත් සංවිධානයේ මාතලේ - වරකාමුර සභාපති අත්අඩංගුවට
මාතලේ දිස්ත්රික් මහ රෝහලේ සේවයේ නියුතු සුළු සේවකයෙකුගේ පෞද්ගලික බඩු බහාලනයේ සඟවා තිබු අන්තවාදී දේශන ඇතුළත් ඩිවිඩි පට 48ක් හා සඟරා 04ක් සමඟ මුස්ලිම් ජාතික එම සේවකයා සැකපිට අත්අඩංගුවට ගත් බව මාතලේ පොලීසිය පවසයි.
මාතලේ විශේෂ විමර්ශන ඒකකයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම ඊයේ (16) පස්වරු 6.00ට පමණ සිදු කර තිබේ.
එහිදි රෝහල් සුළු සේවකයාගේ පෞද්ගලික ලොකරයේ ඇතුළත රහසිගතව සඟවා තිබු මෙම තවුහීද් ජමාත් සංවිධානයට හා අන්තවාදී දේශන ඇතුළත් ඩිවිඩි පට තොගය හා සඟරා 04 මාතලේ රෝහල් පොලිස් ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක ජයතිලක මහතා ඇතුළු කණ්ඩායම විසින් සොයාගෙන ඇත .
මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ කටයුතු මාතලේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සිදු කරනු ලබන අතර අදාළ සැකකරුගේ පවුලේ ඥතීන් හිතවතුන් හා ඔහු ඇසුරු කළ පුද්ගලයින් පිළිබඳවද විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව මාතලේ පොලීසිය පවසයි.
අදාළ සැකකරු ප්රශ්න කිරිමෙන් අනතුරුව මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

popular news
-
Champa Saturday, 18 May 2019 11:13 AM
අපේ ළමයි කියා කියා කිව්වට බලාගෙන ගිහාම මේ අන්තවාදී සංවිධානය මුළු රට පුරාම පැතිරිලා තිබිල තියෙනව. රටටම දෙන්න හදපු game එක හොඳ වෙලාවට වැලකිලා ගිහින් තියෙනව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

