ආණමඩුව කොට්ටුකච්චිය නවෝද්‍යා විද්‍යාලයේ ගොඩනැගිල්ලක ප්‍රධාන දොරටුවේ විදුරුවක ගැටි බරපතළ තුවාල සිදුව තිබු වලි කුකුලකු (ජාතික පක්ෂීයා) ප්‍රතිකාර සඳහා නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය එකකයට භාර දුන් බව පුත්තලම වනජීවි පාලන ඒකකය පවසයි.
විද්‍යාලයේ විදුහල්පති ප්‍රියන්ත සමන් කුමාර මහතා පවසා සිටියේ වලි කුකුලා කිසියම් දෙයකට කලබල වි අධික වේගයෙන් පියඹා විත් එකවර මෑතක විවෘත කරන ලද ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය ගොඩනැගිල්ලේ ප්‍රධාන දොරටුවක සවිකර තිබු විදුරුවක ගැටි එයද කඩාගෙන කාමරය ඇතුළට විසිවි තිබු බවයි.
විදුරුවේ ගැටිමෙන් බරපතළ ලෙස වලි කුකුළාගේ දැස් සහ හොටට හානි වි තිබු අතර මෙම සිදුවිම අද අළුයම සිදුවි ඇති බව විදුහල්පතිවරයා පවසයි.
වනජීවි පාලන ඒකකයේ ස්ථාන භාර නිලධාරි නවරත්න බංඩාර මහතා පවසා සිටියේ තුවාල සිදුව තිබු වලි කුකුළා නිකවැරටිය පිහිටි වනජීවි පශු වෛද්‍ය ඒකකයට භාර දිම සිදු කල බවත් මේ වනවිට වලි කුකුළා හොද තත්වයෙන් පසුවන බවයි .
පුත්තලම - හිරාන් ප්‍රියංකර