නව ව්‍යවස්ථාව අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හෝ තෙවැනි වර ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බව ආචාර්ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.
එසේ තිබියදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තෙවැනි වර ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකිද යන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීමට සැලසුම් කර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
එහෙත් මේ පිළිබඳ මතයක් විමසීමට හැකි වන්නේ ජනාධිපති තනතුර දරන්නෙකුට පමණක් බවද අද (19දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේය.