දීර්ඝ කාලයක සිට රත්මලාන හා ගල්කිස්ස ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ සිදු කරමින් ඩුබායිහි සැඟවී සිට ඉතා රහසිගත ජීවිතයක් ගත කරන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන " රසල් ඇලෝසියස් ස්මිත්" නැමැත්තකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
රසල් නැමැත්තා මෙතෙක් කිසිදු ආරක්ෂක අංශයක අවධානයට ලක් නොවූ පුද්ගලයකු බව පොලිසිය කියයි.
රසල් නමැත්තා ගේ මුදල් ගනුදෙනු සහ සිදුවූ මනුෂ්‍ය ඝාතන වලට ආධාර අනුබල දුන් බව කියන ගල්කිස්ස රත්මලාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රසල් නැමැත්තා ප්‍රංශ පොලිස් අත්අඩංගුවේ පසුවන රත්මලාන කුඩු අංජු නැමැත්තා ත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදීමට පෙර එම ජාවාරම දුණු- අයෙක් බවට මේ වන විට අනාවරණය වී ඇත.
එම පුද්ගලයා සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇත්තේ ඉකුත් 19 වැනි දින මුල්ලේරියාව සල්මල් උයන ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් නවත්වා එහි සිටි පුද්ගලයකු ශරීර පරීක්ෂාවට ලක් කිරීමේදී පොලිස් නිළධාරියෙකුට වෙඩි තබා පලා යාමට තැත් කළ සැකකරු සතුව තිබූ අන්සතු මෝටර් රථයක ආදායම් බලපත්‍රය සහ රක්ෂණ සහතිකය ඔස්සේ සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී බව පොලිසිය කියයි.
එදින ගිනි අවිය සමග අත්අඩංගුවට ගත් හාලිඇල පහේ කනුව පදිංචි පතිරණ ආරච්චිලාගේ නලින් සම්පත් පතිරණ නමැත්තාගෙන් බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී සිදු කිරීමට සැලසුම් කර තිබූ දිවිත්ව ඝාතනයක් සහ කොල්ල කෑමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් නලින් සම්පත් නැමැත්තා හාලිඇල අධිකරණයට ගිනි තබා විනාශ කිරීමේ ප්‍රධාන සැකකරු වන බව පොලිසිය කියයි.
ඩුබායි රටේ සැඟව සිටින රසල් නමැත්තා අත්අඩංගුවට ගත් රත්මලාන ව්‍යාපාරිකයා මාර්ගයෙන් මුල්ලේරියාව පොලීසියේ අත්අඩංගුවේ පසුවන සම්පත් නමැත්තා සහ නාවික හමුදාවෙන් පලා ආ සෙබලෙක් වෙත ගිනි අවි දෙකක් එවා මත්ද්‍රව්‍ය නඩුවක ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත සිටිනමැගසින් පාරේ ඩිලා හා ඔහුගේ බිරිඳ ට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා නියෝග ලබාදී තිබු බව පොලිසිය කියයි.
එම ගිනි අවි දෙක ඔවුන් සතු කරන අවස්ථාවේදී රත්මලාන ව්‍යාපාරිකයාගේ මෝටර් රථයේ ආදායම් බලපත්‍රය සහ රක්ෂණ සහතිකය වැරදීමකින් සැකකරුවන් වෙත යාම හේතුවෙන් ඩුබායිහී සැඟව සිටින රසල් ගේ තොරතුරු අනාවරණය වීමට ආසන්නම හේතුව බව පොලිසිය කියයි.
නමුත් ඉකුත් 15 වෙනි දින ඩිලා නැමැත්තා අධිකරණය වෙත නො යාම හේතුවෙන් එම ඝාතනය වැළකී තිබූ බව පොලිසිය සඳහන් කරයි.
එම ද්විත්ව ඝාතනය වැලකීමෙන් අනතුරුව නාවික හමුදා සෙබලා එක් ගිනි අවියක් රැගෙන යතුරුපැදියකින් පිටවී ගොස් තිබූ අතර අනතුරුව සම්පත් නැමැත්තා අනෙක් ගිනි අවිය රැගෙන මුල්ලේරියාවටපැමිණ අංගොඩ ලොක්කාගේ ගෝලයකු වන අමිත තැමත්තා සමග තී රෝද රථයෙන් කොල්ලකෑමක් සඳහා යමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්විය.
රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා ඩුබායිහී සැඟව සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන රසල් නමැත්තා ගේ මුදල් පරිපාලනය, උන්ඩියල් කටයුතු සිදුකිරීම මෙන්ම සංවිධානාත්මක අපරාධ කටයුතු සඳහා ආධාර අනුබල දෙන ප්‍රබලම සාමාජිකයා බව මේ වන විට සිදු කළ සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරිකයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුල්ලේරියාව පොලිසිය වෙත භාරදී ඇත.
